ශ්‍රී ලංකාවේ විහාර නිර්මාණ
ශ්‍රී ලංකාවේ විහාර නිර්මාණ ප්‍රධාන වශයෙන් කොටස් 3කි. එය පහත පරිදි වේ.
ලෙන් විහාර
දඹුල්ල රජමහා විහාරය
දඹුල්ල රජමහා විහාරය
දෙගල්දොරුව
පිළිකුත්තුවේ ලෙන් විහාරය
හිඳගල ලෙන් විහාරය
කටාරංගල
දඹුල්ල රජමහා විහාරය

දඹුල්ල රජමහා විහාරය , මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රජමහ විහාරයකි. මෙය ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණයයි. හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරිශිඛරය මී160 ක් අහස උසට පැන නගියි. මේ අතුරින් පිළිම හා සිතුවම් අඩංගු ලෙන් 5කි
- දේවරාජ ලෙන
- මහා රජුන්ගේ ලෙන
- මහා අළුත් විහාරය
- සතරවන හා පස්වන ලෙන්
මේ තුල පිළිම හා පිළිම අඩංගු වී ඇත. මෙම පිළිම හා පිළිම බුදු රජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුනු ඒවා වෙති.
- බුදු පිළිම වහන්සේ 153 ක්
- ශ්‍රී ලාංකික රජවරුන් 3 දෙනෙකුගේ පිළිම
- දේවතා සහ දේවිතාවන්ගේ පිළිම 4ක්
- විෂ්ණු හා ගණ දෙවියන හින්දු දෙවිවරුන්ගේ පිළිම දෙකක්
ද වෙති. බිතු සිතුවම් 2,100 මී² ක වර්ග ඵලයක් සහිත පෙදෙසක පැතිර පවතී. බිත්ති වල දක්නට ඇති සංවර්ණන අතර මාරයකු විසින් බුදු රදුන් පෙලඹවීමට ගත්තැත හා බුදු රජාණන්ගේ පළමු ධර්ම දේශනාව දැක්වේ.
දෙගල්දොරුව
දෙගල්දොරුව රජ මහා විහාරය මහනුවර අමුණුගම නම් ග්‍රාමයේ පිහිටා තිබේ. සකස්කළ ගල් ලෙනක් තුළ නිර්මිත (එබැවින් දෙගල්දොරුව නම් වු) විහාරය, මහනුවර යුගයේ සිතුවම් කලාවේ සාරය කැටිවූ කලාගාරයක් සේ සලකනු ලබයි.
දිගින් දොළොස් රියනක් සහ අට රියනක් පළලින් යුත් ලෙනක් කැණ දහඅට රියනක් දිගින් සැතපෙන බුදු පිළිමයක් පිහිටි ගලින්ම මතුකර සායම් කරමින් නිර්මිත මෙම විහාරයේ සිතුවම් කටයුතු දේවේන්ද්‍ර මූලාචාරී ප්රමුඛ උපසම්පදා නොලත් දෙවරගම්පළ සිල්වත්තැන, නීලගම පටබැඳි සහ කොස්වත්තේ සිත්තර නයිදේ ලවා කරවා ඇත්තේ කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ බවද පැවසේ.
සිතුවම්
මේ සියල්ල අභිබවා දෙගල්දොරුව අමරණීයව ඇත්තේ එහි ගර්භ ගෟහයට ඇතුළු වන දොරටුව දෙපස ඇති වෙස්සන්තර හා සුතසෝම ජාතක කමාරපරාජය සිතුවමත් මහාසීලව, සත්තුභත්ත යන ජාතක කතාත් ප්රමුඛ මහනුවර යුගයේ සිතුවම් රැස නිසාය. මෙහි සිතුවම් අතරින් වෙස්සන්තර,සුතසෝම ජාතක කතා නිරූපණයේදී කලා කරුවාගේ ආවේශය සහ නිර්මාණශීලී ප්රකාශනය විශිෂ්ඨත්වයෙන් අගතැන්පත් වේ.
මාර පරාජය සිතුවම
දෙගල්දොරුවේ වියන් චිත්‍රයක් වූ මාර පරාජය සිතුවම, බොහෝ වියතුන්ගේ නොමද අවධානය දිනාගත් සිතුවමක් වේ. එහි වූ සුවිශේෂිත්වය වන්නේ භයංකාර මාරයාට විසුළු ස්වරූපයක් ලබා දී තිබීමත්, මාරයන්ගේ දුනු ඊතල හෙලි අතරට තුවක්කු ද යොදා තිබීමත් වේ. මාරපරාජයේ තුවක්කුව අතින් ගත් මාරයින් කාළීන අධිරාජ්‍යවාදී බලපෑමට සියුම් විරෝධයක් දැක්වීමට යොදාගෙන ඇති බවට සිතිය හැකි වේ. මාරපරාජයේ හිස් පහක් සහ ඔටුණු පහක් සහිත මාරයාගේ ද සෙසු මාරයින්ගේද ජුගුප්සාජනක බව හොඳින් නිරූපිතය.
වෙස්සන්තර ජාතකය - අලි ඇතුන් දන්දීම, භාණ්ඩ දන්දීම, ළිඳ ළඟ කළහය, ජූජක බමුණා සැඟවී
සුතසෝම ජාතකය - රුක්දෙවියාට බිළි දීමට බැඳ දමා ඇති කුමරුවන්, සිව්රඟසෙන් පැරදවීම
සුතසෝම ජාතකය - රුක්දෙවියාට බිළි දීමට බැඳ දමා ඇති කුමරුවන්, සිව්රඟසෙන් පැරදවීම
පිළිකුත්තුව රජ මහා විහාරය

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරළයේ මහර ප්‍රා.ලේ. කොට්ඨාසයට අයත් ඌරුවල් පේරුවෙහි පිහිටා තිබෙන ප්රාග් ඓතිහාසික පුදබිමකි මෙම පිළිකුත්තුව රජ මහා විහාරය. මෙම විහාරය මෙරට ලෙන් විහාර සම්ප්රදාය තුල ඉතා වැදගත් කමක් උසුලන, ඓතිහාසික බෞද්ධ පුදබිමක් වෙයි
පිළිකුත්තුව රජ මහා විහාරයේ ප්‍රධානතම ගොඩනැගිල්ල ලෙස ලෙන් විහාරය හඳුනා ගැනේ. මෙහි සැතපෙන පිළිමයක්, හිටි පිළිමයක් සහ සමාධි පිළිමයක්ද, නුවර යුගයට අයත් සිතුවම් රැසක්ද පවතියි
ඉපැරණි කටාරම් කොටන ලද ගල්ලෙනක් තුල මහනුවර යුගයේදි පිළිකුත්තුවේ බුදුමැදුර, ලෙන් විහාර සම්ප්‍රදායට අනුව කරවා ඇත. මෙම බුදුමැදුර ඇතුලත හා පිටත වශයෙන් මාල දෙකකින් යුක්ත වන අතර ඇතුලත මාලයේ ප්‍රතිමා හා චිත්‍ර මහනුවර යුගයට අයත්ය. සැතපෙන පිළිමය, හිටි පිළිමය හා සමාධි පිළිමයද දේව ප්‍රතිමා ලෙසට විෂ්ණු හා නාථ දෙවිවරුන්වද අඹා ඇත්තේ මැටියෙනි . බිත්ති
මත නුවර චිත්‍ර සම්ප්රදාය මානා කොට දක්වමින් රහතන් වහන්සේලාව අපුර්වත්වයකින් සිත්තම් කර ඇති අතර වහලය සේ තිබෙන කළුගල මත වියනක් සේ දහසක් සියපත්ද සිත්තම් කරවා ඇත. බුදුමැදුරක් තුල භික්ෂූනින් වහන්සේලා නිරුපිත ලංකාවේ ඇති එකම බුදුමැදුර පිළිකුත්තුවේ පිහිටි ලෙන් විහාරයේ ඇති රහත් නොරහත් භික්ෂූනි සිත්තම්ය. අතීතයේ පටන්ම විහාර මන්දිරය තුල කාන්තාවන්ව කිසිම අයුරකින් සිත්තම් නොකිරිනි. එහෙත් පිළිකුත්තුවේදි එම ක්‍රමය වෙනස් වු බවට ලෙන් විහාරය තුල සිත්තම් කර ඇති භික්ෂූනි සිත්තම් සාක්ෂි දරන බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.
හිඳගල ලෙන් විහාරය

හිඳගල රජමහා විහාරය නමින් ප්‍රසිද්ධියට පත්ව ඇති විහාරය හා ආරාමය මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.
හිඳගල විහාරස්ථානය විශාල කඳු බෑවුමක් මත පිහිටා ඇති නිසා විහාරයට ලඟා වීමට උස් පඬිපෙල් නැඟීමට සිදුවේ. මහා පාර අයිනේ ඉදිකර ඇති දොරටුව ඉතාමත් දර්ශනීය වේ. මෙයින් මෙම විහාරස්ථානයේ පවතින ඓතිහාසික බව පැහැදිලිවම දක්නට ලැබේ. මෙම පඬිපෙලේ මඳ දුරක් ගිය විට භික්ෂූන් වහන්සේලාගේ වර්තමාන ලැඟුම් ගෙය දැකබලා ගත හැකිය. එතැනින් තව දුරක් ඉදිරියට ගිය විට ඉහළ මළුවට මෙන්ම ලෙන් විහාරයට ඇතුල් විය හැකිය. විහාර මළුවට මඳක් පහළින් දොරටුවක් හා ඝණ්ඨා කුළුණ දැකගත හැකිය. විහාර මලුවට අභිබවා නැඟී ඇති මහා ගල් පර්වත කුක්ෂියෙහි සිතුවම් අඳින ලද ප්‍රධාන විහාර මන්දිරය පිහිටා ඇත. ගල් පර්වතයේ කටාරමට පහළින් හිඳගල විහාරස්ථානයේ පැරණිම සිතුවම් දක්නට ලැබේ. ඒවා බොහෝ සෙයින් විනාශයට පත් වී ඇත. ලෙන් විහාර මන්දිරය උළු සෙවිලි කළ දැව වහලක් සහිත පිට බරාඳයකින් සමන්විත වන අතර එහි ඉකුත් වසර සියයට අයත් සිතුවම් මෙහි දක්නට ලැබේ. පැරණිම සිතුවම් ඇත්තේ නැගෙනහිරට මුහුණලා ඇති විහාර මන්දිර අභ්‍යන්තරයේය. බිත්තිවලින් වටවූ කුටියෙක සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් එහි දක්නට ලැබේ. විහාර මළුවට උතුරු දෙසින් බෝධීන් වහන්සේ වැඩසිටී.
අනුරාධපුර යුගයේ සිට පැවත එන හිඳගල විහාරස්ථානයේ පැරණිම සිතුවම් නූතන විහා මන්දිරයට උඩින් පිහිටි මහා ගල් පෘෂ්ඨයේ ආරක්ෂා වී ඇත. වඩා පසු කාලයකට අයත් අනෙක් සිතුවම් විහාර මන්දිරයේ ඇතුළත හා පිටත බිත්ති අලංකාර කරයි.
ලෙන් විහාර මන්දිරය නැගෙනහිරට මුහුණලා සිටී. මකර තොරණකින් උළුවස්ස නිර්මාණය කර තිබෙන අතර මංගල ලක්ෂණ සම්මත පූර්ණඝට අතින් ගත් සුද්ධාවාස බ්‍රහ්මයින් දෙදෙනෙක් හා ස්වකීය සත්ව වාහන කැටුව සිටින ඉන්ද්‍ර හා මහා බ්‍රහ්ම දෙදෙනාත් උසුලාගෙන සිටින‚ නෙලා සායම් කරන ලද රුප විශාල ප්‍රමාණයක් මෙහි දක්නට ලැබේ. මකරුන්ට ඉහළින් කඩු ළෙලවමින් සැරිසරන දේවතාවෝ දෙදෙනෙක් සහ පස්බිමේ වළාකුලු අතර රැඳී සිටින අල්පේශාඛ්‍ය දේවතාවෝ කිහිපදෙනෙක් සිටිති. කඩු අතට ගෙන සිටින ආරක්ෂකයෝ දෙදෙනා දොරටුව දැලේ සිටින අතර ඔවුන් වටා ඇති ඉඩ ප්‍රමාණය සතුන්ගේ හා සිංහයන්ගේ රුප ඇතුළු මල් ලියවැල් වලින් අලංකාර කොට තිබේ. දොරබාවෙහිත් මල් හා ලියවැල් මෝස්තර සහිත දැව පනේල දැකිය හැකිය. හක් පිඹින්නන්ගේ රුප දොරටුව දෙපසෙහි වන අතර අසුන් ගෙන සිටින දේවතාවකු රැගත් පනේලයෙහි යතුරු කවුළුව පිහිටා ඇත. එමෙන්ම විජිනාපත් රැගෙන සිටින කාන්තාවන් පිරිවර කොටගෙන දේවතාවා අලංකාර මාළිගාවෙක අසුන් ගෙන සිටී.
සිතුවම්

කටාරංගල
මෙම විහාරයට යාමට පේරාදෙනියේ ගන්නෝරුව පාලම අසලින් ඇති හල්ලොලුව පාරේ කි. මී. 5ක් පමණ ගමන් කළ යුතුයි.

කාටත් හුරුපුරුදු නමක් තමයි කටාරංගල කියන්නේ. එයට හේතුව මෙම ලෙන් විහාරයේ තැන්පත් කර තිබූ රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාව කිහිප වරක්ම හොරු ගෙනයාම නිසා ඇතිවූ ප්‍රසිද්ධියයි. පසුව සොයාගත් මෙම පිළිමය දැන් දැඩි ආරක්ෂිත රැකවරණ යටතේ තැන්පත් කර තිබෙනවා. කටාරම් සහිත ලෙන් නිසා කටාරංගල වූ බවයි පැවසෙන්නේ. රන් පිළිමය මලියදේව රහතන් වහන්සේ ඉන්දියාවෙන් වැඩම කරවූ බව පැවසෙන පිළිම හතරෙන් එකක් ලෙස මෙම රන් පිළිමය සැලකෙනවා. මෙම කුඩා පිළිමය උසින් අඟල් 11ක්. මෙහි කුඩා කෞතුකාගාරයක්ද පිහිටා තිබෙනවා. මහනුවර යුගයට අයත් පුස්කොළ පොත්, පැරණි කාසි, මැටි භාජන, දැව කැටයම් ආදී පුරාවස්තු රාශියක් එහි දැකගත හැකියි.
ටැම්පිට විහාර
ටැම් හෙවත් කුළුණු මත ඉදිකළ විහාර ගෙවල් ටැම්පිට විහාර ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාව තුල මෙම විහාර සම්ප්රදාය 17 වැනි සියවසේ ආරම්භව 19 වැනි සියවසේ අවසාන භාගය දක්වා ප්‍රචලිතව පැවතිණි. 20 වැනි සියවසේ හෝ ඊට පසු කාලයේ තුලදී ටැම්පිට විහාර තැනීම පිළිබඳව සාධක හමුවී නොමැත.
- මහල් පූජස්ථාන ඉදිකිරීමේ අංගයක් ලෙස ටැම්පිට විහාර ඉදිකිරීම ආරම්භ වීම.
- ස්වභාවික උවදුරු හේතුවෙන් සිතුවම් සහ පිළිම වලට සිදුවන හානිවලින් ගෘහය ආරක්ෂා කරගැනීම සඳහා ටැම්පිට විහාර ඉදිකිරීම ආරම්භ වීම.
- ගෞරවෝත්පාදනය උදෙසා ටැම්පිට විහාර ඉදිකිරීම ආරම්භ වීම.
- මින් පළමු අදහස චාල්ස් ගොඩකුඹුරේ මහතා ද අනුමත කරයි එතුමා පවසන්නේ මේ විහාර ඉදිකිරීමට බලපෑවේ පොළොන්නරුවේ අටදාගෙය, හැටදාගෙය වැනි මහල් පූජස්ථාන ගොඩනැගිලි බව යිපොළොන්නරු යුගයේ දළදා මාළිගය වූයේ අටදාගෙය යි. සෝපානයක අවශේෂ හමු වී ඇති නිසා මෙය මහල් ගොඩනැගිල්ලකැ'යි හඳුනාගෙන ඇත. මෙහි පහළ මහලේ පිළිම 3 ක් තිබී හමු වී ඇත. ඉහළ මහලේ දළදා වහන්සේ හා පාත්‍රා ධාතුව තැන්පත් කර තිබෙන්නට ඇත යන්න සාමාන්‍ය පිළිගැනීම යි. එහෙත් මෙහි නාමය අටදාගේ යනුවෙන් යෙදීම දෝෂ සහිත බව පැවසේ. ( ලංකා විශ්ව විද්‍යාල ලංකා ඉතිහාසය ii කොටස පිටුව සිට බලන්න) මෙම ගොඩනැගිල්ලේ පහළ මාලයේ බිත්ති තුළට එබ්බවූ කුලුනු 32 ක් ඇතුළුව සියලු කණු 54 ක් මත වන වහලය දැවයෙන් තනා තිබූ බව පුරාවිද්‍යාඥයෝ තහවුරු කරති. ඉහළ මහළට නැගීමට තනා තිබූ ලී තරප්පු පෙළට සැකසූ සෙල්මුවා පා ශිලාව වර්තමානයේ දී පවා දක්නට ලැබේහැටදාගෙය දළදා මැදුරකි එය කරවූයේ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු විසින් අටදාගෙයි සැලසුම ම ආභාසයට ගනිමිනි. පොළොන්නරු යුගය තුළ ම ඉදිකළේ යැයි කියැවෙන ගොඩනැගිල්ලකි.මේ නිර්මාණ අනුව යමින් පසු කාලයේ දී ටැම්පිට විහාර ඉදිකරන්නට ඇත යන්න චාල්ස් ගොඩකුඹුරේ මහතාගේ මතයයි. වැඩි දෙනෙකු පිළිගන්නේ ද ඒ මතයයි එහෙත් ටැම්පිට විහාර ව්‍යාප්තිය හා ව්‍යාප්ත වූ කාලය අනුව බලන කල පෙනී යන්නේ ද ඉහතින් කී දෙවන හේතුව වඩාත් ප්‍රබල බවය. දැනට ලංකාවේ ටැම්පිට විහාර 137 ක් පමණ හඳුනාගෙන තිබේ. (කුසුම්සිරි විජේවර්ධන මහතා ලියූ ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර කෘතිය අනුවය.15 පිට)මේ අතරින් අනුරාධපුර ප්‍රදේශයේ ටැම්පිට විහාර 5 ක් ද හම්බන්තොට ප්‍රදේශයේ විහාර 2 ක් ද වෙයි. ඒ හැර සෙසු සියල්ල තෙත් කලාපයේ හෝ වියළි කලාපයට වඩා වැඩි වර්ෂාපතනයක් ඇති ප්‍රදේශවල ඉදිකළ ඒවාය.තෙතමනය අධික ප්‍රදේශ වල උස් අත්තිවාරම් මත ගොඩනැගිලි ඉදිකිරීම සාමාන්‍ය ක්‍රමය යි. එහෙත් වේයන්ගෙන් ගැළවීමට ඒ ක්‍රමය පමණක් ප්‍රමාණවත් නොවන්නේ උස් අත්තිවාරම පස් දමා ගොඩ කළ යුතු නිසාත් මේ පස් ස්ථරය වේයන්ට පැමිණීමට මගක් නිසාත් ය. අනෙක් කරුණ නම් ගොඩනැගිල්ලක දාරුමය කොටස් වේයන්ට මෙන් ම තෙතමනයට ද හසුව ඉක්මනින් ම විනාශ වී යා හැක. අනුරාධපුර යුගයේ මෙන් නොව පොළොන්නරු යුගයේ දී ලංකාවේ ගොඩනැගිලි ඉදිකිරීමේ ක්‍රම මෙන් ම අමුද්‍රව්‍යයන් ද වෙනස් විය.මේ යුග දෙකට ම ඒවා ඊට පසු යුගවල ගොඩනැගිලි ක්‍රම, රටා, තාක්ෂණය වෙනස් විය. අප දන්නා පරිදි මහනුවර යුගයේ දී වඩාත් ප්‍රචලිතව පැවතියේ වරිච්චි බිත්ති ක්රමයකි. (අපේ සංස්කෘතික උරුමය කෘතියේ 2 කොටසේ 370 – 383 දක්වා පිටුබලන්න.ඊට අමතරව මතුගම සෙනවිරුවන් මහතාගේ හෙළ බදාම වරුණ'කෘතිය හා ඒ මහතාගේ ම'සිංහල කිරිත්තම' කෘතිය බලනුබ මැනවි.) මෙම වරිචිචි බිත්ති ක්රමයේ දී මූලික සැලැස්මදැවයෙනි. මිල්ල දැව හෝ වනඉදල වැනි ගස් වල ලී වඩාත් ශක්තිමත් නිසා ඒවා මුල් කණු, ප්‍රධාන කණු ලෙස ද සෙසු කොටස් සාමාන්‍ය ලී වලින් ද හරස් පටි සඳහා බට , පුවක් පටි හෝ කිතුල් පටි ආදිය යොදයි පසුව ඒ අතර හිදැස් මැටි ගෙන පුරවයි. මේ වරිච්චිය බඳින අයුරු ය. මේ ක්‍රමයට ගොඩ නැගූ නිවසක් වේයන් කුරුමිණියන්ගෙන් රැකගත යුතුය. එහෙත් විහාරයක් පිළිම ගෙයක් වැනි තැනක් නිරන්තරයෙන් අලුත්වැඩියා කිරීම අපහසුය. එය පොදු ගොඩනැගිල්ලක් නිසාය. අනෙක් කරුණ නම් වඩාත් පූජනීය ගොඩනැගිල්ලක් ඉක්මනින් දිරාපත් වන දැව වලින් ඉදිකිරීම ද අගෞරවයකි. එහෙත් තෙත් කලාපයේ ගොඩනැගිලි රැක ගැනීම දුෂ්කර ය.ඊට හේතු වශයෙන් ටැම්පිට විහාර ඉදිකරන්නට ඇත යන්න විශ්වාස කළ හැකිය. එසේ කියන්නට තවත් ප්‍රබල හේතුවක් වන්නේ ටැම්පිට විහාර වල පහළ මහල වෙනත් කාර්යයක් සඳහා යොදා නොගැනීමයි. ඊට අනුව ටැම්පිට විහාර ඉදිකරන්නට මූලික හේතුව වී ඇත්තේ ඉහත කී හේතු මත ගොඩනැගිල්ල සාමාන්‍ය භූමියෙන් තරමක් උස් කර ඉදිකිරීම යි.තෙවන හේතුව ද පිළිගැනිමට දුෂ්කර නැතත් එය ප්‍රබල හේතුවක් නොවේ. එහෙත් පිළිම හා ධාතුමන්දිර පිහිටි පොළොවේ ඉදි නොකිරීම අනාදිමත් කාලයක සිට අනුගමනය කර ඇති ක්රමවේදයකි.නො උස් ගල් කණු හෝ ඇතැම් විට ගඩොලින් කළ කණු මත හරස් බාල්ක යොදා ඒ මත ලෑලි අතුරා සකස් කර ගත් තට්ටුවක් මත මේ විහාරය ඉදි කරයි. මුල් කණු සිටුවන්නේ ද පස් යොදා කළ කුඩා වේදිකාවක් මතය. එහෙත් එසේ නොවන අවස්ථා ද ඇත.සාමාන්‍යයෙන් ටැම් පිට විහාර ගෙයක් ප්රදක්ෂිණා පථයකින් හා ඊට මැදි ප්‍රතිමා ගර්භයකින් යුක්තය. වහළය සිව්පල ක්‍රමයට ඉදිකෙරෙන අතර එය ඇතැම් විට ගිංජාවස්තු පියසි හැඩයට සකස් කරයි.
පඬුවස්නුවර රජ මහා විහාරය
මැදවෙල ටැමිපිට විහාරය
පඬුවස්නුවර රජ මහා විහාරය
පඬුවස්නුවර රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර පූජා නගරය දකුණු අන්තයට වන්නට පිහිටා තිබේ. වර්තමානයේ ශ්‍රී ලංකා රජය විසින් මෙම ස්ථානය පුරාවිද්‍යා ආරක්ෂිත භූමියක් ලෙස නම් කොට තිබේ.
විහාර පරිශ්‍රයෙහි මහනුවර කලා ශෛලියට අයත් ප්‍රතිමා සහ බිතුසිතුවමින් යුත් ටැම්පිට ප්‍රතිමා ගෘහයක් දැකගත හැකිවේ.
මැදවල විහාරය මෙතුවක් ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති ටැම්පිට විහාර අතරින් පුරාණතම එක වන නිසා මෙහි ඇති සිතුවම් වල ද විශේෂත්වයක් තිබේ. මහනුවර සම්ප්රදායේ පැරණිම සිතුවම් දක්නට ලැබෙන ස්ථානයක් ලෙසටද මේ විහාරය හඳුනාගෙන ඇත. ( මහාචාර්ය එම්.සෝමතිලක මහතා කියන්නේ මහනුවර සම්ප්රදායේ පැරණිතම සිතුවම් ඇත්තේ මහනුවර ලේවැල්ලේ ගංගාරාමයේ බවයි. ඔහු කියන ආකාරයට මැදවල ඇත්තේ දෙවැනි පැරණිතම සිතුවම්ය )

විහාර පරිශ්‍රයෙහි මහනුවර කලා ශෛලියට අයත් ප්‍රතිමා සහ බිතුසිතුවමින් යුත් ටැම්පිට ප්‍රතිමා ගෘහයක් දැකගත හැකිවේ.
මැදවෙල ටැමිපිට විහාරය

පිහිටීම
මැදවල ටැම්පිට විහාරය මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ. මහනුවර සිට කටුගස්තොට දක්වා පැමිණ රණවන හරහා මැදවලට ගමන් කරන මාර්ගයේ කිලෝමිටර 11 ක් පමණ ගිය විට මේ විහාරය හමු වේ.
සැලසුම
මැදවල විහාර සංකීර්ණයට අයත් ටැම්පිට විහාරය ඉදිකර ඇත්තේ ශෛලමය ටැම් 34 ක් මතය. සාමාන්‍යයෙන් මේ ටැඹක් අඩි අඟල් 20 ක තරම් උසින් යුතුය. ඒවා සිටුවා ඇත්තේ කුඩා වේදිකාවක් මතය. එම වේදිකාව අඟල් 20 – 21 ක් තරම් උස්ය.
එම වේදිකාවේ ඇති ගල් කණු මත හරස් බාල්ක යෙදා ඒ මත ලෑලි අතුරා සකස්කර ගත් තට්ටුව මත ඉදි කළ පිළිම ගෙය දිගින් අඩි 13 යි අඟල් 8 කි. පළල අඩි 8 අඟල් 4 කි. එය වට ප්රදක්ෂිණා පථයකි. එය අඩි 3 අඟල් 8 ක් පුළුල්ය. ප්රදක්ෂිණා පථය වටා දැව කණු යටින් ඇත්තේ පියස්සට ආධාරක ලෙසටය. එම දැව කණු අතර බීරලු වැටක් යොදා ප්රදක්ෂිණා පථය නිම කර ඇත. කණු මත ඇති වහලය සිව් පල වහලයකි. සෙවිලිකර ඇත්තේ පෙති උළුය.
පිළිම ගෙයට පිවිසිය යුත්තේ දොරටුපාල රූප දෙකකින් අලංකාර කළ දොරටුවකිනි. පිළිමගෙය තුළ කුඩා ප්‍රමාණයෙන් හිටි බුද්ධ ප්‍රතිමාවක් හා හිඳි බුද්ධ ප්‍රතිමාවක් දක්නට ලැබේ. පිළිම ගෙයි බිත්ති සුදු හුණු බදාමයෙන් කපරාරු කර ඇතුළු පැත්තේ සිතුවම් ද ඇඳ තිබේ.

මැදවල විහාරය මෙතුවක් ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති ටැම්පිට විහාර අතරින් පුරාණතම එක වන නිසා මෙහි ඇති සිතුවම් වල ද විශේෂත්වයක් තිබේ. මහනුවර සම්ප්රදායේ පැරණිම සිතුවම් දක්නට ලැබෙන ස්ථානයක් ලෙසටද මේ විහාරය හඳුනාගෙන ඇත. ( මහාචාර්ය එම්.සෝමතිලක මහතා කියන්නේ මහනුවර සම්ප්රදායේ පැරණිතම සිතුවම් ඇත්තේ මහනුවර ලේවැල්ලේ ගංගාරාමයේ බවයි. ඔහු කියන ආකාරයට මැදවල ඇත්තේ දෙවැනි පැරණිතම සිතුවම්ය )
මැදවල සිතුවම් තේමා
1. සත් සතිය
2. වෙස්සන්තර ජාතකය
3. වංකගිරිය
4. බුදුපුදට යන රහත් ශ්‍රාවකයන් වහන්සේලා
5. දුනුවල දිසාවේ
6. උරග ජාතකය
7. සොළොස්මස්ථාන
8. තව්තිසා දෙව්ලොව
ඉදිකළ විහාර
කැලණිය රජමහා විහාරය
බෙල්ලන්විල රජ මහා විහාරය
කැලණිය රජමහා විහාරය
කැලණියේ පළමු ඉතිහාස සටහන ගෞතම බුද්ධ (බුද්ධ වර්ෂ 5 වන සියවස) සමයේ ලියැවී ඇත. එහි කැලණි ගඟ අසබඩ පිහිටි කැලණි විහාරය පිළිබඳද සටහන් ඇත. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැලණියට වැඩම කරන ලද්දේ මණි අක්ඛික නා රජුගේ ආරාධනාවකට අනුවය. එම රජු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය. කැලණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි. කැලණි විහාරය කැලණි තිස්සරාජ්ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවට සාක්ෂි වේ.
තවද කැලණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැලණිතිස්ස රජුගේ (බුද්ධ වර්ෂ පළමු සියවස) ප්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු සැළලිහිණි සන්දේශයෙහි කැලණි පුරවර පිළිබඳ අගනා වර්ණනා ඇතුළත් වී ඇත.
ක්‍රි.පූර්ව යුගයේ සිට රාජධානියක්ව පැවැති කැලණියේ ආදිම පාලකයා යටාල තිස්ස රජුය. කැලණි විහාරය II පැරකුම්බා රජු ද, විජය බාහු රජතුමා ද ප්රතිසංසකරණය කර ඇත. කෝට්ටේයුගයේ විසූ සිංහල රජවරුන් 16වැනි සියවස දක්වා කැලණි විහාරයට පුද සිරිත් කළ හ. ලන්දේසීන් ගේ කාලයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු හා වැලිවිටියේ සරණංකර හිමියන් ප්‍රතිසංස්කරණය කළ අතර ඒවන විට ඉතිරිව තිබුණේ බිඳ හෙලූ චෛතිය පමණි.
බෙල්ලන්විල රජ මහා විහාරය

බෙල්ලන්විල රාජ මහා විහාරය පිහිටා ඇත්තේ කොළඹ නගර සීමාවෙන් කිලෝමීටර 3 ක් පමණ දුරින් ඇති බෙල්ලන්විල ග්රාමයෙහිය 1950 වසරේ දී ඉදිකෙරෙන විහාර මන්දිරය, පොළොන්නරු ජේතවන ප්‍රතිමා ගෘහයේ ආකෘතිය අනුව ඉදි කරන ලද්දකි. මෙය පැරැණි හා නූතන යුග මිශ්‍රණයේ අසිරිමත් ඉදිකිරීමකි.
පිවිසුම් වාහල්කඩින් ඇතුල් වන විටම ඉදිරියේ ඇති අටළොස්රියන් හිටි පිළිම වහන්සේ දැක ගැනීමට ලැබෙයි. බුදු මැදුරක් තුළ මෙවන් දසුනක් දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. දෙපස ඇති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේද ඉතාමත් සංයමයෙන් මනා අංග ලක්ෂණයන් මතු කරලමින් කළ විශිෂ්ට නිර්මාණයන් ලෙස නෙත් පහන් කරවයි. ඉතා දැකුම්කළු මතු බුදුවන මෛත්‍රී බෝසත් ප්‍රතිමාව පිට මාලයේ ඇති බුද්ධ පරිනිර්වානය නිරූපිත ප්‍රතිමා පෙළ බෙල්ලන්විල රජ මහා විහාර වංශ කතාව විචිත්‍රවත් කරනා නිමැවුම්ය. විහාර මැදුරේ මෑතදී ඇඳ ඇති බිතු සිතුවම් පෙළ නූතන බිතුසිතුම් කලාවේ සන්ධිස්ථානයක් මතු කර පෙන්වන සුළුය.
දුමින්දානන්ද ජයලත්
Dumindananda Jayalath
From - Homagama
duminda.gndj@gmail.com
Dumindananda Jayalath
From - Homagama
duminda.gndj@gmail.com




